යුක්රේන ජනපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සහ යුරෝපීය නායකයින් වොෂින්ටන් ඩීසී හි ධවල මන්දිරයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඊයේ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ට්‍රම්ප් පවසන්නේ තමා අදාළ නායකයින් සමඟ ‘හොඳ රැස්වීමක්’ පැවැත්වූ බවයි.
ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුම්වල සඳහන් කර ඇත්තේ මෙහි දී ‘තාවකාලික සටන් විරාමයක් නොව කල් පවතින සාමය’ කෙරෙහි අවධානය යොමු වූ බවයි.
එසේම එහි දී රුසියානු සහ යුක්රේන ජනාධිපතිවරුන් අතර හමුවක් සංවිධානය කිරීම සඳහා ට්‍රම්ප් විසින් ව්ලැඩිමීර් පුටින්ට දුරකථන ඇමතුමක් ලබා දී ඇති අතර එම ඇමතුම විනාඩි 40ක් පමණ පැවතුනි.
සෙලෙන්ස්කි සඳහන් කර ඇත්තේ ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා තමන් පුටින් හමුවීමට සූදානම් බවයි.

