පුටින් – ට්‍රම්ප් සාකච්ඡා අසාර්ථක වෙයි

ඊයේ දිනයේ ඇලස්කාවේ දී එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති පුටින් අතර පැවති සාකච්ඡාව ස්ථිර එකඟතාවයකින් තොරව අවසන්ව තිබෙනවා.

ඇලස්කාවේ වඩාත්ම ජනාකීර්ණ නගරය වන ඇන්කරේජ් හි එල්මෙක්ඩෝෆ්-රිචඩ්සන් හමුදා කඳවුරේ දී පැවති මෙම සාකච්ඡා මෙරට වේලාවෙන් අද (16) අලුයම අවසන් වුණා.

මෙම සාකච්ඡාව පැය 3කට ආසන්න කාලයක් පැවැත්වුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සාකච්ඡාවෙන් අනතුරුව ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් නොකළ අතර, කිසිදු ගිවිසුමක් හෝ සටන් විරාමයක් ප්‍රකාශ නොකර ජනාධිපතිවරුන් දෙදෙනා පිටව ගොස් තිබෙනවා.

මේ අතර ට්‍රම්ප් සඳහන් කරන්නේ සාකච්ඡා යම් ප්‍රගතියක් අත් කර ගෙන ඇති බවයි.