මුළු දිවයිනම ආවරණය වන පරිදි සිදු කරගෙන යනු ලබන විශේෂ පොලිස් මෙහෙයුම් මගින් ඊයේ දිනයේ සැකපිට පුද්ගලයින් 689ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එසේම මෙම මෙහෙයුම් මගින් අපරාධවලට සෘජු ලෙස සම්බන්ධ පුද්ගලයන් 24 දෙනෙකු හා වරෙන්තකරුවන් 242 දෙනෙකු ද මෙහිදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
මීට අමතරව විවෘත වරෙන්තුකරුවන් 158ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර බීමත් රියදුරන් 100ක් ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර අපරීක්ෂාකාරී රිය ධාවනය සම්බන්ධයෙන් පුද්ගලයින් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
රථවාහන වැරදි සම්බන්දයෙන් පුද්ගලයන් 3,635ක් සඳහාද පොලීසිය නෛතික පියවර ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

