CSE සමස්ත කොටස් මිල දර්ශකය 20,000 සීමාව පසු කරයි

කොළඹ කොටස් වෙළඳපොළ (CSE) ඉතිහාසයේ පළමුවරට සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද (15) දින ගනුදෙනු අවසානයේදී 20,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව කොටස් වෙළඳපොළ ඒකක 289.69ක් කින් ඉහළ ගොස්, 20,218.36ක් ලෙසයි සටහන් වූයේ.

එසේම අද දින සමස්ත පිරිවැටුම සටහන් වූයේ රුපියල් බිලියන 9.5ක් ලෙසයි.