අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ අවසන් කටයුතු එළැඹෙන 17 වනදා සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා.
අද (15) රාත්‍රියේ සිට මහියාවේ පිහිටි ඒ මහතාගේ නිවසේ මහජන ගෞරවය සඳහා දේහය තැන්පත් කර ඇති බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.
පසුව අනිද්දා (17) පස්වරු 5ට මහනුවර, නිත්තවෙල පවුලේ සුසාන භූමියේ දී ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමට නියමිතය.
දැඩි ලෙස රෝගාතුරව සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අද පෙරවරුවේ කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත වුණා.
මියයන විට ඒ මහතා 57 වන වියේ පසුවුණි.

