Trump හා Putin අද ඇලස්කාවේ දී හමුවෙයි

රුසියාව සහ යුක්‍රේනය අතර යුද්ධය අවසන් කිරීම් අරමුණින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදීමීර් පුටින් අතර මුහුණට මුහුණ සාකච්ඡා අද ඇලස්කාවේ දී පැවැත්වීමට නියමිතයි.

එම රැස්වීමට පෙර ඇමරිකානු සහ රුසියානු නිලධාරීන් ඇලස්කා ප්‍රාන්තයේදී හමුවනු ඇති බවයි BBC වාර්තා කරන්නේ.

මෙම ජනාධිපතිවරුන් දෙදෙනා එකිනෙකා හමුවන්නේ වසර හයකට පසු වීම විශේෂත්වයක්.

ට්‍රම්ප් තක්සේරු කළේ මෙම සාකච්ඡාව සාර්ථක නොවීමට “25% ක අවස්ථාවක්” ඇති බවයි.