කීරි සම්බා වලට ආදේශක සහ මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනය කිරීමේ සැලසුමක්

කීරි සම්බා සහල් හිඟයක් නිර්මාණය කිරීමට මහා පරිමාණ වී මෝල් හිමියන් ක්‍රියා කරන්නේ නම් ඊට ආදේශක සහල් මෙට්‍රික්ටොන් 40,000 ක් ලබන දෙසැම්බර් මාසය වන විට ආනයනය කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

අනුරාධපුර දිස්‍ත්‍රික් ලේකම් කර්යාලයේ ඊයේ පැවති සංවර්ධන කමිටු රැස්වීමෙන් අනතුරුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීයි ඔහු මේ බවකියා සිටියා.

එසේම කමිටු රැස්වීමේදී දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක ඇතැම් සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් මහජන නියෝජිතයින් දැනුවත් නොකිරීම පිළිබඳව අමාත්‍යවරයා රාජ්‍ය නිලධාරීන්ට දෝෂාරෝපණයක් ද මෙහි දී එල්ල කළා.