The Life of a Showgirl – Taylor Swift ගේ 12වන ඇල්බමය ගැනයි මේ

Taylor Swift ගේ 12 වන ඇල්බමය ඉදිරියේ දී නිකුත් වීමට නියමිත බව වාර්තා වෙනවා.

The Life of a Showgirl ලෙස නම් කර ඇති මෙම නව ඇල්බමය නිකුත් වෙන දිනයක් ගැන නම් තවම සඳහනක් නැහැ.

අලෙවිකරණ කණ්ඩායම විසින් “Thinking about when she said ‘see you next era’.” ලෙස caption එක සඳහන් කරමින් ඡායාරූප 12ක් ද ප්‍රකාශ කිරීමෙන් පසුව ඇයගේ රසිකයන් නව ඇල්බමයක් ගැන අනුමාන කරනු ලැබුවා.

ඉන් පසු පැය කිහිපය තුළ, ස්විෆ්ට්ගේ නිල වෙබ් අඩවිය 00:12 ET (05:12 BST) දක්වා ගණන් කිරීම ආරම්භ කළ අතර, ඇගේ පෙම්වතා වන Travis Kelce ගේ podcast එක වන New Heights හි විශේෂ ආරාධිතයා වශයෙන් Taylor Swift මේ සතියේ සහභාගී වීමට නියමිතයි.

පසුගිය වසරේ නිකුත් කරන ලද ඇයගේ 11 වන ඇල්බමය වන The Tortured Poets Department, දිනක් තුළ වැඩිම ප්‍රවාහයක් සිදු වූ ඇල්බමය (most-streamed album) ලෙස Spotify වාර්තා අලුත් කිරීමට සමත් වුණා.