මේ වසරේ දැකගත හැකි විශාලතම උල්කාපාත වර්ෂාව අද (12) මධ්‍යම රාත්රියේදී සහ හෙට උදෑසන දැකබලා ගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ පර්සීස් තාරකාව ආශ්‍රිතව සිදුවන බැවින් මෙම උල්කාපාත වර්ශාව පර්සීස් වශයෙන් නම්කර ඇති බවය.
එසේම හෙට උදෑසන 5ට පමණ උතුරු දිශාවෙන් මෙම උල්කාපාත වර්ෂාව හොඳින්ම දැකගත හැකි වන බව ද ඔහු පවසනවා.
“මේ උල්කාපාත වර්ෂාවේ විශේෂත්වය තමයි උල්කාපාත 100ක් පමණ පැයකදි දැකගත හැකි වෙනවා. ඒක සාමාන්‍යයෙන් විශාල අගයක්. මෙහෙම උල්කාපාත ප්‍රමාණයක් අපිට දකින්න පුළුවන් වෙන්නේ උල්කාපාත වර්ෂා කිහිපයකදි පමණයි. මේ උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය කරන ආකාරය ගැන කතා කළොත් මේ දැක්වෙන පර්සියස් කියන තාරුකා රාශිය සාමාන්‍යයෙන් ක්ෂිතිජයෙන් මතු වෙන්න පටන් ගන්නේ මධ්‍යම රාත්‍රියෙන් විතර. මධ්‍යම රාත්රියේදී මතුවෙන මෙම උල්කාපාත රාශිය අලුයම් කාලය දක්වා ඉහළට ගමන් කරනවා. එතකොට මේ උල්කාපාත වර්ෂාව බලන්න පුළුවන් හොඳම වෙලාව වෙන්නේ සාමාන්‍යයෙන් උදෑසන 05.00ට විතර. උදෑසන 5ට විතර උතුරු දිශාව බලන්න පුළුවන් නම් අපිට පැයකදි උල්කාපාත 100ක් පමණ බලන්න පුළුවන් වෙනවා.”

