මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව අද 11,000 ඉක්ම වූවා. ඒ, අද දිනයේදීත් තවත් කොරෝනා ආසාදිතයින් 378 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟයි. ඒ අනුව සමස්ත සුවය ලැබූ සංඛ්‍යාව 11,031 දක්වා ඉහළ ගියා.
තවදුරටත් පුද්ගලයින් 4644ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

