මෙරට සුවය ලැබූ ගණන ආසාදිතයින් 11,031දක්වා ඉහළට

මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව අද 11,000 ඉක්ම වූවා. ඒ, අද දිනයේදීත් තවත් කොරෝනා ආසාදිතයින් 378 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟයි. ඒ අනුව සමස්ත සුවය ලැබූ සංඛ්‍යාව 11,031 දක්වා ඉහළ ගියා.

තවදුරටත් පුද්ගලයින් 4644ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.