රුපියල ඉහළට

පසුගිය බ්‍රහස්පතින්දා දිනයට සාපේක්ෂව අද (අගෝස්තු 11) දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 297.05 සිට රු. 296.81 දක්වා අඩු වී ඇති අතර, විකුණුම් මිල ද රු. 304.71 සිට රු. 304.64 දක්වා පහත වැටී තිබෙනවා.