දකුණු කොරියාවේ හමුදාව 450,000 ක් පමණ දක්වා අඩු වී ඇතැයි එරට ආරක්ෂක අමාත්‍යාංශ වාර්තාවක් උපුටා දක්වමින් පාලක පක්ෂයේ නීති සම්පාදකයෙකු ප්‍රකාශ කර තිබෙනවා.
එය පසුගිය වසර හය තුළ 20% ක පහත වැටීමක් පෙන්නුම් කරන බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.
මෙම පහත වැටීමට ප්‍රධාන හේතුව රටේ දුර්වල උපත් අනුපාතය බවයි බලධාරීන් පෙන්වා දෙන්නේ.
එරට උපත් අනුපාතය කාන්තාවකට ළදරුවන් 0.75ක් වන අතර එය ලෝකයේ රටවල් වලට සාපේක්ෂව වාර්තා වන අවම උපත් අනුපාතය වනවා.
න්‍යෂ්ටිකව සන්නද්ධ අසල්වැසි උතුරු කොරියාව සමඟ තාක්ෂණිකව යුද්ධයක යෙදී සිටීම හේතුවෙන් දකුණු කොරියාවේ අනිවාර්යය හමුදා සේවයක් පවතිනවා.
දකුණු කොරියානු පර්යේෂකයින් විසින් ජූලි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින් යෝජනා කර තිබුණේ උතුරු කොරියාවෙන් එල්ල වන ප්‍රහාරයකින් ආරක්ෂා වීමට රටට අවම වශයෙන් සොල්දාදුවන් 500,000 ක් අවශ්‍ය වනු ඇති බවයි.

