ජනපති සැප්තැම්බරයේ ඇමරිකාවට සහ ජපානයට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන සැප්තැම්බර් 24 වැනිදා නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගිවීමට නියමිතව තිබෙනවා.

ඒ සඳහා සහභාගී වීමට ජනාධිපතිවරයා සැප්තැම්බර් 23 වැනිදා අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතයි.

එම සංචාරයේදී ජනාධිපතිවරයා අමෙරිකාවේ වෙසන ශ්‍රි ලාංකික ප්‍රජාව හමුවීමට සැලසුම් කර ඇති බව සඳහන්.

අනතුරුව නිල සංචාරයක් සදහා ජනාධිපතිවරයා ජපානය බලා පිටත්ව යාමට නියමිතයි.

එම සංචාරයේදී ජනාධිපතිවරයා ජපානයේදී පැවැත්වෙන ශ්‍රී ලාංකික දින උත්සවයට සහභාගිවීමට ද නියමිතව ඇති බවයි වාර්තා වෙන්නේ.