ශිෂ්‍යත්ව විභාගයේ පූර්ව ඇගයීම් කටයුතු අද සිට

ඊයේ පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පූර්ව ඇගයීම් කටයුතු අද ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

සියලු උපදෙස් රැස්වීම් පවත්වා අවසන් කර ලබන 22 වැනිදා සිට 27 දක්වා දින 6 ක් මධ්‍යස්ථාන 43 කදී ඇගයීම් ක්‍රියාවලිය සිදුකෙරෙන බවයි විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය පැවසුවේ.

එසේම ලබන මස 20 වැනිදාට පෙර ප්‍රතිඵල නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.