ගම්පහ ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

ගම්පහ ප්‍රදේශ කිහිපයකට අද (9)  ජල කප්පාදුවක් සිදු වන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙනවා.

ඒ අනුව රන්පොකුණුගම, බටලීය, අත්තනගල්ල, පස්යාල සහ නිට්ටඹුව යන කලාපවලට අද උදෑසන 10.00 සිට සවස 8.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.

නිට්ටඹුව සිට මිනුවන්ගොඩ දක්වා වන සම්ප්‍රේෂණ නලයක පිරිසිදු කිරීමේ සහ විෂබීජහරණ කටයුත්තක් හේතුවෙනුයි මෙලෙස ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.