ජාතික තරුණ සම්මේලනය ජනපතිගේ ප්‍රධානත්වයෙන්

ජාත්‍යන්තර තරුණ දිනයට සමගාමීව පැවැත්වෙන ජාතික තරුණ සම්මේලනය ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව එම සම්මේලනය ලබන අගෝස්තු 12 වන දින පෙ.ව. 10.00 ට, කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන බවයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

එම සම්මේලනය තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ජාතික තරුණ සේවා සභාව එක්ව සංවිධානය කරනු ලබනවා.