ජූලි විදෙස් ප්‍රේෂණ ඉහළට

2025 ජූලි මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 697.3ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙය 2025 ජූනි මාසයේ වාර්තා වූ අමෙරිකානු ඩොලර් මිලියන 635.7ට සාපේක්ෂව 9.7%ක මාසික වර්ධනයක් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ.

එසේම, 2024 ජූලි මාසයේ දී වාර්තා වූ අමෙරිකානු ඩොලර් මිලියන 576.7 හා සසඳන විට මෙය 21%ක පමණ වාර්ෂික වර්ධනයක් වනවා.

මේ සමඟම ජූලි මස අවසානය වන විට ශ්‍රී ලංකාවේ දාල නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 6.14 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙම සංචිත වත්කම්වලට චීන මහජන බැංකුව (PBOC) හුවමාරුව වැනි ද්විපාර්ශ්වික විධිවිධාන ඇතුළත්.