ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අද (07) පස්වරු 1.30ට රැස්වීමට නියමිතව තිබෙනවා.
ඒ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනුයි.
පොලිස්පති ධුරයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා ඉවත් කිරීමේ ලිපිය ඊයේ (06) දිනයේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරින් විසින් කතානායකවරයා වෙත භාරදෙනු ලැබුවා.
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වු යෝජනාව පසුගියදා පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත වුණා.
එම යෝජනාවට පක්ෂව ඡන්ද 177ක් ලැබුණු අතර විපක්ෂව කිසිදු ඡන්දයක් හිමි වුයේ නැත.
ඒ අනුව කතානායකවරයා වෙත යොමුකළ අතර ඊට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ දින අත්සන් කරනු ලැබීය.
අනතුරුව ජනාධිපතිවරයා විසින් දේශබන්දු තෙන්නකෝන් මහතා ඉවත් කිරීමේ ලිපිය මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමු කර ඇත.

