ට්‍රම්ප්ගෙන් ඉන්දියාවට 50%ක ඉහළ දැමූ තීරු බද්දක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉන්දියාවට 25%ක අතිරේක තීරු බද්දක් පනවා තිබෙනවා.

ඉන්දියාව විසින් රුසියාවෙන් තෙල් මිල දී ගැනීම හේතුවෙන් මෙලෙස නව බද්දක් පනවා ඇති බව සඳහන්.

ඒ අනුව ට්‍රම්ප් විසින් ඉන්දියාවට පනවා ඇති මුළු තීරු බද්ද 50% දක්වා ඉහළ යනු ඇති අතර එය ඇමරිකාව විසින් රටකට පනවා ඇති ඉහළම තීරු බද්ද වනවා.

මෙම නව තීරු බද්ද ලබන අගෝස්තු 27 වන දින සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.

මේ අතර මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඉන්දියාවේ විදේශ අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ රුසියාවෙන් ආනයනය කිරීම සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කර ඇති අතර, ඇමරිකාව විසින් පනවා ඇති මෙම තීරුබදු අසාධාරණ බවයි.

ඉන්දියාව තම ජාතික අවශ්‍යතා ආරක්ෂා කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගනු ඇති බවත් ඔවුන් විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.