ප්‍රදේශ කිහිපයක උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමට

උතුරු-මැද, නැගෙනහිර පළාත් සහ යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියාව, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා විමසිලිමත්වන ලෙස දන්වා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දක්වා ඇත්තේ  එම දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකි බවයි.

ඉහත උණුසුම් දර්ශකය (Heat Index) කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගෝලීය ගණිතමය කාලගුණ අනාවැකි ආකෘති දත්ත විශ්ලේෂණ මගින් ලබාගත් වායුගෝලීය ආර්ද්‍රතාවය සහ උපරිම උෂ්ණත්ව අගයයන් යොදා ගනිමින් අද දිනය සඳහා ගණනය කර ඇති දර්ශකයක් වන අතර මෙය ශරීරයට දැනෙන තත්වයකි.

එසේම මෙය විය හැකි උපරිම වායුගෝලීය උෂ්ණත්වය නොවන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.