යේමනයේ සංක්‍රමණිකයන් 150ක් ගමන් ගත් බෝට්ටුවක් පෙරළෙයි

යේමනයේ වෙරළට ඔබ්බෙන් 150 දෙනෙකු පමණ රැගත් බෝට්ටුවක් පෙරලී ගිලී යාමෙන් සංක්‍රමණිකයන් 60 කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා.

යේමනයේ දකුණු පළාතක් වන අබියන් අසලදී මෙම යාත්‍රාව පෙරලි ඇතැයි වාර්තා වන අතර අයහපත් කාලගුණය හේතුවෙන් එය පෙරලි යන්නට ඇති බවයි සඳහන් වෙන්නේ.

යේමනයේ ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානයේ (IOM) ප්‍රධානියා සඳහන් කරන්නේ මළ සිරුරු 68ක් දැනට සොයා ගෙන ඇති බවයි.

එසේම පුද්ගලයින් 12 දෙනෙකු බේරාගෙන තිබෙනවා.

වින්දිතයින්ගෙන් වැඩි දෙනෙක් ඉතියෝපියානු ජාතිකයන් යැයි විශ්වාස කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.