දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (01) පස්වරුවේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ අනුව, උතුර, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රබල අකුණු අනතුරු ඇති විය හැකි බවයි දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
එසේම දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ.

