කොටස් වෙළඳපොලෙන් අදත් අලුත් වාර්තාවක්

කොළඹ කොටස් වෙළඳපොළේ අද (01) සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) මෙතෙක් සටහන් වුණු ඉහළම අගය අද වාර්තා කළා.

ඒ අනුව, අද දිනය අවසන් වන විට ASPI දර්ශකය, ඒකක 271.77කින් (1.38%කින්) ඉහළ ගොස් 19,914.25ක් ලෙස සටහන් වුණා.

එසේම අද දිනය අවසානයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 7.4ක් ලෙස සටහන් වුණා.