තෙල් මිල වෙනස් නොවීම හේතුවෙන් අගෝස්තු මාසයේ දී බස් ගාස්තුවේද කිසිදු වෙනසක් සිදු නොවන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරනවා.
අද කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි සභාපති ගැමුණු විජේරත්න මේ බව කියා සිටියා.
ඉන්ධන මිල සූත්රයට අනුව මෙවර ඉන්ධන මිල සංශෝධනයක් සිදුනොවන බව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ (31) නිවේදනය කළා.
ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 289කටත් , සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 325කටත් ඔක්ටෙන් 92 පෙට්රල් ලීටරයක් රුපියල් 305කටත් අලෙවි වනු ඇත.

