පොලිස් සේවයට කාන්තා නිලධාරීන් දහසක් බඳවා ගැනීමට තීරණය කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.
ඊට අදාළ ගැසට් නිවේදනය එළැබෙන සතියේ නිකුත් කරන බවයි අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ.
එසේම තවත් පොලිස් නිලධාරීන් 5000ක් බඳවා ගැනීමට අදාල සම්මුඛ පරීක්ෂණ මේ වනවිට ආරම්භ කර ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කරනවා.

