චිලී රාජ්‍යයේ ප්‍රදේශ කිහිපයකට සුනාමි රතු අනතුරු ඇඟවීමක්

චිලී රාජ්‍යයේ උතුරේ ඇරිකා සහ පරිනකෝටා ප්‍රදේශ සහ දකුණේ මැගල්ලානස් ප්‍රදේශ අතර වෙරළ තීරයේ වූ නගර සඳහා රතු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් චිලීයේ ආපදා ඒජන්සිය වන සෙනප්‍රෙඩ් පැවසුවේ මේ වන විට හදිසි අවස්ථාවකට මුහුණ දීම සඳහා වූ අවශ්‍ය කටයුතු සූදානම් බවයි.

එසේම එම ප්‍රදේශ වලින් මිනිසුන් ඉවත් කිරීම ද මේ වන විට ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර ඇරිකා, පරිනකෝටා සහ ලොස් ලාගෝස් ප්‍රදේශ අතර වෙරළ තීරයේ පිහිටා ඇති සියලුම අධ්‍යාපන ආයතන සඳහා නිවාඩු ද ලබා දී තිබෙනවා.

දුරස්ථ කම්චැට්කා අර්ධද්වීපය සහ කුරිල් දූපත් සඳහා රුසියානු බලධාරීන් සුනාමි අනතුරු ඇඟවීම අවලංගු කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.