ධීවර වෘත්තියේ නිරත වූ අය වෙනුවෙන් විශේෂ රක්ෂක යෝජනා ක්‍රමයක්

තම ජීවනෝපාය ලෙස කරදිය සහ මිරිදිය මසුන් ඇල්ලීම සඳහා කිමිදුම් කටයුතුවල නිරතව සිටින්නා වූ ධීවර ප්‍රජාව වෙනුවෙන් හදිසි අනතුරු රක්‍ෂණ යොජනා ක්‍රමයක් කෘෂිකාමික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් හඳුන්වාදී තිබෙනවා.

මෙමමඟින් අයහපත් කාලගුණික දේශගුණික තත්ත්වයන් හේතු කොටගෙන හෝ ධීවර රැකියාවේ නිරතව සිටින අතරතුර දී සිදුවන ඕනෑම හදිසි අනතුරකින් සිදුවිය හැකි ජීවිතය අහිමිවීම හෝ අනෙකුත් අර්කමණ්‍යවීම්වලදී රක්‍ෂණාවරන ලබාදීම සිදු කෙරේ.

එසේම ධීවර කටයුතුවලින් බැහැරව සිටින අවස්ථාවකදී වුවද අහඹු අනතුරකින් සිදුවන මරණ හෝ වෙනත් අකර්මණ්‍යතාවන් සඳහා මෙහිදී ප්‍රතිලාභ සැලසෙන බව සදහන් වනවා

ඒ යටතේ රු.2000/- වැනි වාර්ෂික රක්ෂණ වාරිකයක් යටතේ හදිසි මරණයකදී රුපියල් ලක්‍ෂ 12ක වන්දියක් මෙම රක්ෂණ ක්‍රමය තුළින් හිමි වනු ඇත.

මීට අමතරව පූර්ණ හා තාවකාලික අකර්මණ්‍යතාවයන්හි දී වන්දි ගෙවීම් සිදු කෙරෙනවා.

අනතුරක් හේතුවෙන් සිදුවන එක් ඇසක් අහිමිවීම, එක් ගාත්‍රයක් අහිමිවීම, පූර්ණ වශයෙන් කථනය අහිමි වීම වැනි තත්ත්වයන්හි දී ඉතා කඩිනමින් වන්දි ගෙවීමටද කටයුතු යොදා ඇති බව සඳහන්.