උතුරු චීනයට බලපා ඇති තද වැසි සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වන විට අවම වශයෙන් පුද්ගලයන් 30 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වෙනවා.
එසේම 80,000 කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
බීජිං සිට පැය තුනක් පමණ ඊසාන දෙසින් පිහිටි චෙන්ග්ඩේ නගරයේ සඳුදා නායයෑමකින් තවත් පුද්ගලයින් අට දෙනෙකු ද මිය ගොස් තිබෙනවා.
විපතට පත්වූවන් ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කර තිබෙනවා.
මේ අතර ප්‍රවාහනය සහ අනෙකුත් යටිතල පහසුකම් අලුත්වැඩියා කිරීම ඇතුළුව ප්‍රතිසාධන කටයුතු සඳහා චීන බලධාරීන් විසින් යුවාන් මිලියන 200 ක මුදලක් වෙන් කර ඇති බව සඳහන්.
මියුන් සහ හුවායිරෝ යන තදාසන්න දිස්ත්‍රික්ක ඇතුළුව බීජිංහි තදාසන්න ප්‍රදේශවලට ධාරානිපාත වර්ෂාවෙන් දැඩි ලෙස හානි සිදු වී තිබෙනවා.

