ප්‍රදේශ කිහිපයකට අවධානය යොමු කළ යුතු මට්ටමක උණුසුමක්

ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය හෙට (30) දිනයේද අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

අද (29) පස්වරු 04.00ට නිකුත්කරන ලද නවතම නිවේදනයේ මේ බව දක්වා තිබෙනවා.

නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල සහ සහ වව්නියා දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.