දුම්රිය වර්ජනය අත්හිටුවයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

දුම්රිය වෘත්තිය සමිති නිලධාරීන් ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

අදාළ සාකච්ඡාව සඳහා ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්, දුම්රිය සාමාන්‍යාධිකාරී ඇතුළු පිරිසක්ද එක්ව තිබෙනවා.

ලෝකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් රියදුරු සංගමය විසින් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද මැදියම් රැයේ සිට පැය 48ක වැඩ වර්ජනයකට එළැඹීට තීරණය කර තිබුණා.