බෙංගාල බොක්ක මුහුදේ අන්දමන් සහ නිකොබාර් දූපත් අසල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
එහි ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 6.3ක් ලෙසයි වාර්තා වෙන්නේ.
ඉන්දියාවේ ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානයට අනුව, භූමිකම්පාවේ ගැඹුර කිලෝමීටර 10 ක් වූ අතර අක්ෂාංශ 6.82 N සහ දේශාංශ 93.37 E ස්ථානයේ මෙය හටගෙන තිබෙනවා.
භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැත.
එසේම කිසිදු දේපල හෝ ජිවිත හානියක් කම්පනය හේතුවෙන් වාර්තා වී නොමැත.

