එක්සත් ජනපද ජාතික ගගනගාමී හා අභ්‍යවකාශ පරිපාලනය (NASA) සිය සේවකයින්ගෙන් 20% ක් පමණ ඉවත් කිරීමට සූදානම් වන බවට වාර්තා වෙනවා.
මෙය ට්‍රම්ප් පරිපාලනය යටතේ එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සියට බලපාන දෙවන ප්‍රධාන කාර්ය මණ්ඩල කප්පාදුව වනවා.
ඒ අනුව මේ යටතේ පුද්ගලයින් 3,870 ක් පමණ ඉවත් කරනු ඇතැයි අපේක්ෂා කරන නමුත් ඉදිරි දින සහ සතිවලදී එම සංඛ්‍යාව වෙනස් විය හැකි බවයි NASA හි ප්‍රකාශකයෙක් සඳහන් කර ඇත්තේ.
ඒජන්සියේ ඉතිරි සේවකයින් සංඛ්‍යාව 14,000 ක් පමණ වනු ඇති බව ද ඔහු සඳහන් කරනවා.

