පළාත් සභා ඡන්දයට අදාළ මූලික කටයුතු ඇරඹෙයි

පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට අදාළ මූලික කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඊට අදාළ නීතිමය පසුබිම සකස් කිරීමේ ක්‍රියාවලිය මේ වනවිට ආරම්භ වී ඇති බවයි පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා සදහන් කළේ,

ඊට අදාළ සීමා නිර්ණ ක්‍රියාවලිය, මෙතෙක් නිල වශයෙන් අවසන් වී නොමැත.

එසේම පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය යුතු නව ඡන්ද ක්‍රමය සම්මත කරගැනීම සදහා වන කෙටුම්පත, ඉදිරියේදී සම්මත කරගැනීමට නියමිතව ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.