මේ වසරේ පැමිණි සංචාරකයන් පිරිස ලක්ෂ 13 ඉක්මවයි

2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 13 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව මේ දක්වා 1,313,232ක විදෙස් සංචාරකයින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යා ලේඛනවල දැක්වෙන්නේ.

ඒ අතරින් පුද්ගලයින් 269,780ක් ඉන්දියාවෙන්, 124,652ක් එක්සත් රාජධානියෙන් සහ 114,644ක් රුසියාවෙන් පැමිණ තිබෙනවා.

මේ අතර ජූලි මාසයේ මේ දක්වා සංචාරකයින් 145,188ක් මෙරටට පැමිණ තිබෙනවා.

එම පිරිස අතර ඉන්දියාවෙන් සංචාරකයින් 27,786ක් සිටින අතර එය 19.1% ක ප්‍රතිශතයක් ලෙස දැක්වෙනවා. 

තවද, ජුලි මාසයේදී එක්සත් රාජධානියෙන් පුද්ගලයින් 16,750ක්, නෙදර්ලන්තයෙන් පුද්ගලයින් 10,809 ක්, චීනයෙන් 5,904 ක් සහ ප්‍රංශ ජාතිකයින් 7,732ක් ද ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.