ග්‍රීසිය පුරා ලැව්ගිනි පැතිරයයි

ග්‍රීසියේ රට පුරා ප්‍රධාන ලැව්ගිනි පහක් පැතිරයමින් පවතින බව වාර්තා වෙනවා.

ඇතන්ස් අගනුවරට කිලෝමීටර් 30ක් (සැතපුම් 18.6ක්) උතුරින් පිහිටි දැඩි ලෙස පීඩාවට පත් කලාපයක පදිංචිකරුවන් ඉවත් කිරීමට නිලධාරීන් කටයුතු කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය සඳහන්කරන්නේ.

පැතිරෙන ගින්න මැඩපැවැත්වීම සඳහා ග්‍රීසිය යුරෝපා සංගමයේ ද සහාය ඉල්ලා තිබෙනවා.

මේ වන විට ග්‍රීසිය පුරා අධි තාප තරංග මාලාවක් පැතිර යමින් පවතින අතර උෂ්ණත්වය සෙල්සියස් අංශක 44 දක්වා ඉහළ යා හැකි බවයි කාලගුණ අංශ පුරෝකථනය කර ඇත්තේ.

මෙම ලැව්ගිනි හේතුවෙන් නිවාසහ ඇතුළු ගොඩනැගිලි සහ වනාන්තර වලට දැඩි ලෙස හානි සිදු වී තිබෙනවා.

ඇටිකා, ඩ්‍රොසොපිගි, ක්‍රියෝනෙරි සහ අගියෝස් ස්ටෙෆනොස් හරහා ලැව්ගිනි පැතිර යාම හේතුවෙන් එම ප්‍රදේශවල පදිංචිකරුවන් ඉවත් කර තිබෙනවා.

හෙලිකොප්ටර් සහ ජල බෝම්බ හෙලන ගුවන් යානා ආධාරයෙන් ගිනි නිවන භටයින් 200 කට වැඩි පිරිසක් එම ප්‍රදේශ වල ගිනි නිවීමේ කටයුතු සඳහා යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.