තමන් විසින් මෑතක දී ගාසා තීරයට මානුෂීය ආධාර ලබා දුන් බවට ඊශ්රායල හමුදාව සඳහන් කරනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඊශ්රායල ආරක්ෂක හමුදා (IDF) පැවසුවේ, පිටි, සීනි සහ ටින් කළ ආහාර අඩංගු ආධාර පැකේජ හතක් ගුවන් මගින් හෙළන ලද බවයි.
හමුදාව විසින් ගුවන් යානයක් ආධාර හෙළන බව කියන වීඩියෝවක් ද පළ කර තිබෙනවා.
ගාසා තීරයේ සිටින ජනතාව මිලියන දෙකක ජනතාවට මාස ගණනක් සීමිත ආහාර සැපයුමක් ලැබීම හේතුවෙන් නුදුරේදී ම මහා සාගතයක් ඇති බවට ලෝක සංවිධාන විසින් අනතුරු ඇඟවීම් සිදු කර ඇති පසුබිමකයි මෙම ආධාර ලබා දී ඇත්තේ.
මේ හේතුවෙන් තමන් එක්සත් ජාතීන්ගේ රථ පෙළ ගාසා තීරයට ඇතුළු වීමට ඉඩ සැලසීම සඳහා මානුෂීය කොරිඩෝ විවෘත කිරීමට සූදානම් බව ද ඊශ්රායලය මින් පෙර සඳහන් කළා.

