පසුගිය දිනවල වනඅලි 21කට වෙඩි

පසුගිය දිනවල වනඅලි 21ක් වෙඩි ප්‍රහාරවලට ලක්වී ඇති බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පවසනවා.

ඊයේ පොළොන්නරුව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

මේ පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද ඔහු මෙහි දී වැඩිදුරටත් සඳහන් කළා.