ජනප්‍රිය රෙස්ලිං ක්‍රීඩක Hulk Hogan ජීවිතක්ෂයට

ජනප්‍රිය රෙස්ලිං ක්‍රීඩකයෙක් වන ඇමරිකාවේ Hulk Hogan ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වෙනවා.

හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහුව රෝහල්ගත කර ඇති අතර පසුව එහි දී ඔහු මිය ගොස් තිබෙනවා.

මිය යන විට ඔහු 71 වන වියේ පසුවුණා.

ඔහුගේ සැබෑ නම Terry Bollea වන අතර ඔහු රෙස්ලිං පිටියේ ජනප්‍රිය වූයේ Hulk Hogan ලෙසයි.

1980 දශකයේ වෘත්තීය රෙස්ලිං ක්‍රීඩාවට පිවිසි හල්ක් 80 සහ 90 දශකවල සිටි ජනප්‍රියතම ක්‍රීඩකයා වනවා.