ඇමරිකාව සහ ජපානය අතර දැවැන්ත වෙළඳ ගිවිසුමක්

ඇමරිකාව සිය විශාලතම වෙළඳ හවුල්කරුවෙකු වන ජපානය සමඟ දැවැන්ත වෙළඳ ගිවිසුමකට එකඟ වී ඇති බව එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

මෙම ගිවිසුමට අනුව ජපානයේ ඩොලර් බිලියන 550 ආයෝජනය කිරීම සහ තීරුබදු ගෙවීම 15%ක් දක්වා අඩු කර ඇති බව ට්‍රම්ප් සිය සමාජ මාධ්‍යවල සටහනක සඳහන් කළා.

ජපානය තම ආර්ථිකය මෝටර් රථ, ට්‍රක් රථ, සහල් සහ ඇතැම් කෘෂිකාර්මික නිෂ්පාදන ඇතුළු ඇමරිකානු භාණ්ඩ සඳහා විවෘත කරන බව ද ඔහු සඳහන් කළා.

ජපානයේ ප්‍රධාන වෙළඳ සාකච්ඡාකරු වන රියෝසි අකාසාවා ෆේස්බුක් සටහනක දැක්වුයේ තමන් විසින් ඉතිහාසයේ විශාලතම වෙළඳ ගිවිසුම අත්සන් කළ බවටයි.

මෙම මාසයේ ජපානයට යවන ලද ලිපියකින් ට්‍රම්ප්, අගෝස්තු 1 වන දිනට පෙර නව වෙළඳ ගිවිසුමක් ඇති කර නොගන්නේ නම්, එක්සත් ජනපදයට කරන රටේ අපනයන සඳහා 25% ක තීරුබදුවක් පනවන බවට තර්ජනය කරනු ලැබුවා.