පොලිස් සේවයට අලුතින් 2,500ක්

පොලිස් සේවයට නව පොලිස් නිලධාරීන් 2,500  බඳවා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

පොලිස් කොස්තාපල්වරුන් සහ උප පොලිස් පරීක්ෂකවරුන් එලෙස බඳවා ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එසේම මෙම පොලිස් නිලධාරීන් 2,500 බඳවා ගැනීමෙන් අනතුරුව ඉදිරියේදී තවත් පොලිස් නිලධාරින් 2,500ක් බඳවා ගැනීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළා.