ඇමරිකාව යළිත් වරක් UNESCO සාමාජිකත්වයෙන් ඉවත්වෙයි

එක්සත් ජාතීන්ගේ සංස්කෘතික හා අධ්‍යාපන ආයතනය වන යුනෙස්කෝවෙන් තමන් ඇමරිකාව ඉවත් කර ගන්නා බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව මෙම ඉවත් වීම 2026 දෙසැම්බර් 31 වන දින සිට බලාත්මක වනු ඇත.

අමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකා ටැමී බෲස් සඳහන් කර ඇත්තේ යුනෙස්කෝවේ අඛණ්ඩ මැදිහත්වීම එක්සත් ජනපදයේ ජාතික අවශ්‍යතාවයට නොගැලපෙන බවය. 

යුනෙස්කෝ ප්‍රධානී ඕඩ්‍රි අසූලේ පැවසුවේ ට්‍රම්ප්ගේ තීරණය ගැන ඇය දැඩි ලෙස කනගාටු වන නමුත් එය අපේක්ෂා කළ දෙයක් වූයෙන්, යුනෙස්කෝව ඒ සඳහා සූදානම් වී ඇති බවත්ය.

ට්‍රම්ප් සිය පළමු ධුර කාලය තුළ ලෝක සෞඛ්‍ය සංවිධානය, පැරිස් ගිවිසුම ගෝලීය දේශගුණික විපර්යාස ගිවිසුම සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මෙන්ම යුනේස්කොවෙන් ද ඇමරිකාව ඉවත් කර ගනු ලැබුවා.