ජාතික අවම සේවක වැටුප් (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වී තිබෙනවා.
ඒ ඊට පක්ෂව ඡන්ද 181ක් සහ විරුද්ධ කිසිඳු ඡන්දක් හිමි නොවෙමින් විශේෂ බහුතරයක් ලබා ගනිමිනුයි.
ඒ අනුව සේවකයින්ගේ අයවැය සහන දීමනා සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්ද 181කින් සම්මත වූ බව කථානායකවරයා විසින් සභාවට දැනුම්දෙනු ලැබුවා.
මේ අතර සේවකයින්ගේ ජාතික අවම වේතනය සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී තුන්වන වර කියවා සංශෝධන සහිතව සම්මත කරගත් බවද කථානායකවරයා සභාවට දැනුම්දුනි.

