අස්වැසුම අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමේ කාලය දීර්ඝ කරයි

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවන අදියරට අදාළව අභියාචනා සහ විරෝධතා භාර ගැනීමේ කාල සීමාව දීර්ඝ කිරීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම කාලය ජූලි 31 දක්වා දීර්ඝ කර ඇති බවයි සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසන්නේ.

ඒ අනුව මෙතෙක් අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමට නොහැකි වු අයඳුම්කරුවන්ට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ වෙබ් පිටුවට පිවිස අදාල අයදුම්පත් බාගත කර සම්පුර්ණ කිරීමෙන් අනතුරුව තමා අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙනවිත් භාරදිය හැක.

මේ වන විට අස්වැසුම දෙවැනි අදියර සඳහා අද (22) දිනය යන විට අභියාචනා 39,707ක් ලැබී ඇති අතර විරෝධතා 3,183ක් ද ලැබී තිබෙනවා.