පහ වසර ශිෂ්‍යත්ව විභාගයට දින නියම වෙයි

2025 වසරේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා දින නියම කර තිබෙනවා.

ඒ අනුව ලබන අගොස්තු මස 10 වැනි ඉරිදා දින අදාළ විභාගය පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව 02 වන පත්‍රය පෙරවරු 09.30 සිට 10.45 දක්වාත් පළමු ප්‍රශ්න පත්‍රය පෙරවරු 11.15 සිට 12.15 දක්වාත් පැවැත්වීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,