රුපියල තවත් පහළට

පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 297.68 සිට රු. 297.88 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල ද රු. 305.22 සිට රු. 305.41 දක්වා ඉහළ ගොස් තිබේ.