2025 ජනවාරි සිට මැයි දක්වා මාස 05ක කාලපරිච්ඡේදය තුළ දී රුපියල් බිලියන 1,942.36ක රාජ්ය ආදායමක් වාර්තා වී තිබෙනවා.
මෙය 2024 වසරේ මුල් මාස 05 දී රාජ්ය ආදායම් අගය වූ රුපියල් බිලියන 1,619.23 හා සැසඳීමේ දී 19.95%ක වර්ධනයක් ලෙසයි දැක්වෙන්නේ.
මේ සඳහා රජයේ බදු ආදායම මෙම වකවානුව තුළ දී රුපියල් බිලියන 1,491.25 සිට රුපියල් බිලියන 1,802.48 ක් දක්වා 20.87%කින් ඉහළ යාම ප්රධාන වශයෙන් දායක වී ඇති බවයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරන්නේ.
එම වාර්තාවලින් කොටසක් පහතින්,



