අපවත් වී වදාළ සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුකිරීමට නියමිතය.
ඒ අනුව එළැඹෙන 24 වන බ්‍රහස්පතින්දා මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේදී උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය සිදු කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
අද (21) සවස 4ට ලියන්ගස්තැන්න විහාරයට අපවත් වී වදාළ අතිපූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමියන්ගේ දේහය වැඩම කරවීමට නියමිත අතර, හෙට (22) පස්වරු 3ට එම ස්ථානයෙන් වැඩම කරවීමට නියමිතව තිබේ.
හෙට සවස සිට 24 වන දින දක්වා විහාරයට අපවත් වී වදාළ අතිපූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමියන්ගේ දේහය අස්ගිරිය විහාරයේ විශ්‍රාම ශාලාවේ තැන්පත් කිරීමට නියමිතය.
අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, වයඹ ඇත්කඳ රජමහා විහාරාධිපති, ආනමඩුවේ ශ්‍රී ධම්මදස්ස්‍යභිධාන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපුජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියන් හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ (20) රාත්‍රියේ අපවත් වී තිබුණි.
අපවත් වනවිට උන්වහන්සේ 67වන වියේ පසුවුණි.

