ජූලි මාසය තුළ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 98,765ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) සඳහන් කරනවා.
එසේම 2025 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 1,266,809ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඔවුන් අතරින් 261,681 දෙනෙක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර, 118,555 දෙනෙක් එක්සත් රාජධානියෙන් සහ 113,888 දෙනෙක් රුසියාවෙන් පැමිණ ඇත.

