ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්රමාණය වී ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 297.30 සිට රු. 297.64 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල ද රු. 304.81 සිට රු. 305.11 දක්වා ඉහළ ගොස් තිබේ.

